October 15, 2026

ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් බරපතල සිරදඬුවම් නියම කෙරුණු ගලගොඩත්තේ ඥානසාර නම් භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පමිණි දේශපාලන පක්ෂ නියෝජිත පිරිසක් සහ බෞද්ධ භික්ෂූන් පිරිසක් එම ස්ථානයේ කූඩාරම් කිහිපයක් අටවාගෙන සිටින අයුරු දැකගත හැකි වේ.

ඥානසාර නම් භික්ෂුව නිදහස් කරන තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවට මෙම පිරිස ප්‍රතිඥා දෙති.