July 12, 2026

නීතිවිරෝධී ගිනිඅවියක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාව මත, සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අමිත් චතුරංග සමරනායක නොහොත් ‘බටපොල නින්දානේ චුට්ටේ’ ගාල්ල දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අදාළ මන්ත්‍රීවරයා මෙම ගිනිඅවිය ලබාගත්තේ කෙසේද සහ එය කිසියම් අපරාධ ක්‍රියාවක් සඳහා යොදාගෙන තිබේද යන්න පිළිබඳව විමර්ශකයන් පරීක්ෂණ ආරම්භ කර ඇත.