
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් මැයි මාසය සඳහා පවත්වන ලද නවතම මත විමසුමේදී වි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කරටකර සිටින බව පෙනීගොස් තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වන කැමැත්ත පිළිබඳ මෙම මත විමසුමේ දී සළකා බැලේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ මෙම මත විමසුම් සමීක්ෂණය අනුව පෙනී ගොස් ඇත්තේ 2024 මැයි මාසයේදී සමීක්ෂණයට සහභාගී වූ සියලුම පිරිසගේ ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වන කැමැත්ත වෙනස් වී ඇත්තේ සුළු වශයෙන් බවයි.
සමගි ජන බලවේගය සඳහා වන සහයෝගය සියයට 34 නොවෙනස්ව පවතින බව සමීක්ෂණයෙන් පෙනීගොස් තිබේ.
ජාතික ජන බලවේගය සඳහා වන සහය සියයට 1කින් පහළ ගොස් සියයට 34 දක්වා අඩු වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ මට්ටම ද සියයට 6ක් ලෙස නොවෙනස්ව පවතී.
ඒ තවදුරටත් සියයට 13ක සහයෝගයක් පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරමක් පිටුපසින් රැඳෙමිනි.
කෙසේවෙතත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ විසින් සිදු කරන ලද ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ මත විමසුමකින් පෙන්නුම් කර ඇත්තේ මැයි රනිල් වික්‍රමසිංහට ලැබෙන සහයෝගය සියයට 15 දක්වා වැඩි වූ බවයි.
එහෙත් තවමත් ඔහු ප්‍රතිවාදීන්ට වඩා පසුපසින් සිටී.
සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයට අනුව, 2024 මැයි යාවත්කාලීන කිරීම පදනම් වී ඇත්තේ 2024 මැයි මාසයේදී සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 503ක් ඇතුළුව, 2021 ඔක්තෝබර් සිට ශ්‍රී ලංකාව පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 17,751ක් මත ය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart