October 9, 2026

වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ, ඔහුට එරෙහි චෝදනාවලට අදාළව සිදු කළ විමර්ශනයකදී එම චෝදනා සම්බන්ධයෙන් වරදකරු බව තහවුරු වීමෙන් අනතුරුවයි.