
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් සහ රාජිත සේනාරත්නගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ ලිපි මගින්, පක්ෂ තීරණවලට විරුද්ධ වූයේ මන්දැයි කියා දින හතක් ඇතුළත පැහැදිලි කිරීමක් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.
අදාළ ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එම යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීමේදී වෛද්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තු සභාවට පැමිණ නොසිටි බව වාර්තා විය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානියා ඉවත් කිරීමේ යෝජනාව 2023 මැයි 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරපත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart