
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නමැත්තාගේ සිරමැදිරිය පරීක්ෂා කිරීමේදී ඊයේ සිම්පතක් සොයාගත් බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
සිරමැදිරියට ඇතුළුවන දොරටුවෙහි යකඩ සිදුරක් තුළ මෙම සිම්පත සඟවා තිබී ඇත.
මීට දින කිහිපයකට පෙර බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයකුද අත්අඩංගුවට ගෙන තිබුණේ ජංගම දුරකථන දෙකක් බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.
මුර අට්ටාලය මත රාජකාරි කරමින් සිටි මෙම විශේෂ කාර්ය බළකා සෙබළා ජංගම දුරකථන බන්ධනාගාරය තුළට විසිකිරීමට අවහිරයක්ව තිබූ සීසී ටීවී කැමරාව වෙනත් අතකට හැරවීම නිරීක්‍ෂණය කළ බන්ධනාගාර නිලධාරීන්, වෙනත් කැමරාවකින් සෙබළා සිටි අට්ටාලය නිරීක්ෂණය කිරීමේදී, ජංගම දුරකථන දෙක ඔවුන්ගේ නෙත ගැටී ඇත.
ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගත් මෙම සෙබළා රත්ගම පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔහුගේ ආරක්ෂාව උදෙසා මේ වනවිට ඔහු කළුතර බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.
නිසි පරීක්ෂාවකින් තොරව විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු කළ විශේෂ කාර්ය බලකා සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමටද පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart