
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ ක්‍රිකට් තරුව වන සිකන්දර් රාසා ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ වාර්තාවක් සමකර තිබේ.
ඒ, මේ වසරේ අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී තරගයේ වීරයා සම්මානය වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති අවස්ථා සම කරමිනි.
විරාට් කෝලි මේ වසරේදි (2023) අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී තරගයේ වීරයා සම්මානය 06 වතාවක් ජයග්‍රහණය කර ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසාද අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ මේ වසර තුළ 06 වැනි තරගයේ වීරයා සම්මානය ඊයේ (27) ලබාගත්තේ 2024 වසරේ T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු කලාප තරගාවලි දී රුවන්ඩා කණ්ඩායමට එරෙහිවය.
එහිදි කඩුලු ත්‍රිත්වයක් සහ අර්ධ ශතකයක් (ලකුණු 58) රැස්කළ සිකන්දර් රාසා තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
මේ වසර තුළදී සිම්බාබ්වේ කණ්ඩායම අයර්ලන්තය සමග සීමිත පන්දුවාර තරගාවලියකට එක්වන හෙයින් විරාට් කෝලිගේ තරගයේ වීරයා සම්මාන වාර්තා බිඳහෙළීමටද සිකන්දර් රාසාට අවස්ථාව හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart