
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පොලිස් සේවය තුළ මෑත වසරවලදී සිදු වූ වඩාත්ම පුළුල් දූෂණ විරෝධී පියවරක් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දූෂණ හා මත්ද්‍රව්‍ය ආශ්රිත විෂමාචාර මැඩපැවැත්වීමේ පියවරක් වශයෙන් ඉදිරි සති කිහිපය තුළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ස්ථාන මාරුකිරීමට නියමිතව ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර තිබේ.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය වැඩි වගවීමක් දැරිය යුතු බවට සමාජයෙන් එල්ල වන පීඩනය ඉහළ යන විට සහ රජය රට පුරා මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය දියත් කරන විට, පොලිසිය තුළ ද දූෂණ ක්‍රියා සිදුවීම වැළැක්වීම අරමුණු කර ගනිමින් ඉදිරි සති කිහිපය තුළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙලස මාරුකිරීමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත.
මෙම වසරේ ගත වූ කාලය තුලදී පොලිස් සේවයේ සිටින ඉහළ නිලධාරීන් රැසක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග සහ නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ජාතික පොලිස් කොමිසම මගින් ජ්‍යෙෂ්ඨ අණදෙන තනතුරු සහ ස්ථාන මට්ටමේ නායකත්වය යන දෙකටම බලපාන ස්ථාන මාරුවීම් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.
නොවැම්බර් මැද භාගයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කිරීමත් සමඟ ප්‍රධාන සංශෝධනයක් සිදුවිය.
එය පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන ප්‍රධාන තනතුරකි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වැඩබලන භූමිකාවෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ පත්වීම සිදුකෙරිණි.
ඊට සමගාමීව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත බස්නාහිර පළාතේ රාජකාරි භාරගත් අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන උතුරු පළාත අධීක්ෂණය කිරීම සඳහා පත්කරන ලදී.
පොලිසියේ ස්ථාන මාරු සහ තනතුරු වෙනස්වීම් ඉහළ නිලයන්ගෙන් ඔබ්බට විහිදී ගිය අතර ඔක්තෝබර් මස මුලදී, ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකුගේ ස්ථාන මාරුකරන ලද අතර, ඉන්පසුව, පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු ඇතුළුව තවත් පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනකු නොවැම්බර් 21 වැනි දින ක්ෂණික නියෝග යටතේ නැවත වෙනස්කෙරිණි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්.යූ. වූට්ලර් පවසන්නේ, පොලිස් සේවය තුළ සිදුකරන මෙම සියලු සංශෝධන පොලිස්පතිවරයා සෘජුවම අධීක්ෂණය කරන බවයි.
ඒ අනුව තරාතිරම නොසලකා විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කරයි.
ඒ ඔස්සේ 80,000 ක් පමණ වන පොලිස් සේවයේ සෑම නිලධාරියකුම දැන් දැඩි පරීක්ෂාවට ලක්ව ඇති බවත්, ස්ථිර හා විනිවිද පෙනෙන පියවර හරහා මහජන විශ්වාසය නැවත ඇති කිරීම අරමුණ බවත් ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart