
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ චිත්රපට නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ රාජ්කුමාරිගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ සේවය කළ උප-පොලිස් පරීක්ෂකවරයකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවල හමුවට පමුණුවනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශනවලදී අනාවරණය වූ සාක්ෂි පදනම් කරගෙන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.
මියගිය තැනැත්තිය අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට මියයන තෙක්ම මෙම සැකකරු භාරයේ සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත්, ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්, බලපෑම්වලින් තොරව මෙම විමර්ශන සිදු කෙරෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart