Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට වඩා ‘නව ජන්ම වෛද්‍යවරුන්ගේ’ හිඟය බරපතළ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීම සඳහා විශේෂඥතාව සහිත වෛද්‍යවරුන්, විශේෂයෙන් රෝගාතුර වූ හෝ නොමේරූ ළදරුවන් සඳහා විශේෂඥතාව සහිත වෛද්‍යවරුන් නවජ රෝග විශේෂඥයන් ලෙස හඳුන්වන අතර, ළමුන් සහ ඔවුන්ගේ රෝග පිළිබඳ විශේෂඥයන් ළමා රෝග විශේෂඥයන් ලෙස හැඳින්වේ.
‘ද ඩේලි මෝනිං’ වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා ඇත්තේ, “රටේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින නමුත් නව ජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ඊට වඩා බරපතලයි” යනුවෙනි.
මීට වසර පහකට පෙර මෙරට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පැවතිය ද, මේ වන විට ඔවුන්ගේ සැළකිව යුතු හිඟයක් පවතින බවත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ බුද්ධි ගලනය ඊට හේතුව බවත් ඔහු පෙන්වාදෙයි.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ (SBSCH)නව ජන්ම වෛද්‍ය වාට්ටුව (විශේෂ සත්කාර ළදරු ඒකකය) නව ජන්ම වෛද්‍යවරයකු / ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු වසාදමා ඇති බව පසුගියදා වාර්තා විය.
කන්තලේ මූලික රෝහලද පසුගිය සති දෙකක කාලය තුළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිව ක්‍රියාත්මක වේ.
ප්‍රමාණවත් වැටුප්, පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ වෘත්තීය දියුණුව සඳහා ඇති ඉඩකඩ සීමිත වීම වෛද්‍ය කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව හැරයෑමට හේතු වී ඇති බව වෛද්‍ය වෘත්තීය සමිති පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart