
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරලැස්ගමුව, මාලනි බුලත්සිංහල මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අද (24) අලුයම 12.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගිහාන් දුලාන් පෙරේරා ලෙස හඳුනාගෙන තිබේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වීමෙන් පසු තවත් අට දෙනෙකු සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තුවක්කුකරු මොහුට වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සංගීත සංදර්ශනය අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිසිය සැක කරයි.
මේ දක්වා සිදු කර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ දෙපාර්ශ්වයම යම් යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයන් බව යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart