
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි හි රැඳී සිටින පාතාලයේ සාමාජිකයකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ නිවසට පසුගිය 14 වැනිදා අලුයම් කාලයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 අවියකින් වෙඩිතබන අවස්ථාවේ දී ඒ ගැන දැනුම් දෙමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකතන ඇමතුම ගැන අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිලියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ඇල්පිටිය කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.
මෙසේ වැඩ තහනම් වී ඇත්තේ පෙර දින සිට රාත්‍රී සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේය.
අම්බලන්ගොඩ ඉඩම්තොට පිහිටි නිවසට වෙඩිතබන අවස්ථාවේ දී එම නිවසේ සිටි සමන් කොල්ලාගේ බිරිය විසින් 119 ෙපාලිස් හදිසි ඇමතුම් අංශයට සිය නිවසට කිසියම් පිරිසක් විසින් වෙඩි තබන බව පවසා ඇත.
119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය විසින් ඒ බව ඇපලෝ 15 සන්නිවේදන මධ්‍යස්ථානය මඟින් ක්ෂණිකව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය දැනුවත්කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම අවස්ථාවේ දී අම්බලන්ගොඩ පොලිසියේ දුරකතන ක්‍රියාකරු ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ තුෂාර නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
එසේම 119 හදිසි ඇමතුම් අංශය ඇපලෝ 15 මධ්‍යස්ථානයෙන් නිකුත් කළ එම පණිවුඩය වී.පී.එන්. පද්ධතිය මඟින්ද අම්බලන්ගොඩ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවරගෙන ඇත. එ
ම පණිවුඩය ලැබෙන විට අම්බලන්ගොඩ පොලිසියේ වී.පී.එන්. ක්‍රියාකරු ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ සමන් මංජු නමැති නිලධාරියෙකි.
මෙම නිලධාරීන් දෙදෙනාම වෙඩිතැබීම ගැන මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත්කර නොමැති බව ඒ ගැන කළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.
එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ එබැවින් බව පොලිසිය කියයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart