October 6, 2026

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ තිලීපන්ගේ පිළිරුවක් තැන්පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් හතරදෙනකුට යාපනය අධිකරණය වෙත පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර තිබේ.

එම පිළිරුව පොලිසිය විසින් ගලවා ඉවත්කොට පොලිසිය වෙත රැගෙන යෑමෙන් පසුව සිදුකළ විමර්ශනවලින් පසුව එම පිළිරුව තැන්පත් කළ හතරදෙනකු හඳුනාගෙන ඔවුන්ට ඊට එරෙහිව නඩු පවරා තිබේ.

එහෙත් නල්ලූර් ප්‍රාදේශීය සභාව සඳහන් කළේ එම පිළිරුව තැන්පත් කිරීමේ යෝජනාව යාපනය නගර සභාවේ මන්ත්‍රී මනුෂි බාන් විසින් ඉදිරිපත් කිරීමෙන් පසුව යෝජනා සම්මත වී පිළිරුව තැන්පත් කළ බවයි.

කෙසේවෙතත් සිතාසි නගර සභාවේ මන්ත්‍රී මනුෂි බාන් නිකුත් කළ පිරිස මේ මස 7 වැනිදා යාපනය අධිකරණය හමුවේ පෙනීසිටිය යුතුව ඇත.

(උපුටාගැනීම – දිවයින)