
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හින්දු ආගම පිළිබඳව කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයකු එරට අගවිනිසුරු බී.ආර්.ගවයි වෙත සපත්තුවකින් දමාගසා තිබේ.
ඊයේ දිල්ලියේ අධිකරණ කටයුතු අතරතුර රාකේෂ් කිෂෝර් නමැති නීතීඥයා මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එය ඉන්දියාව පුරා බරපතල මහජන අපහාසයක් සහ ආරක්ෂක උල්ලංඝනයක් ලෙස සැලකේ.
අදාළ නීතීඥවරයා අගවිනිසුරුවරයා වෙත සපත්තුවකින් විසි කර ඇති බව අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන් තිදෙනෙකු බීබීසීයට තහවුරු කර ඇත.
ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට, එම සපත්තුව අගවිනිසුරුවරයාට සහ තවත් විනිසුරුවරයකු වෙත එල්ල වී ඔවුන්ගේ පිටුපසට වැදී තිබේ.
සපත්තු ප්‍රහාරය එල්ල කළ නීතීඥයා ආරක්ෂක නිලධාරීන් විසින් අධිකරණ ශාලාවෙන් ඉවතට රැගෙන ගොස් තිබේ.
ඔහු එම අවස්ථාවේ “ඉන්දියාව සනාතන ධර්මයට (හින්දු ආගමට) අපහාස කිරීම ඉවසන්නේ නැහැ” යනුවෙන් පවසා ඇත.
ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ, සිද්ධියෙන් අනතුරුව නීතීඥයාගේ සේවය අත්හිටුවා ඇති බවයි.
කෙසේවෙතත් අගවිනිසුරුවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart