
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
NDB බැංකුවේ සිදුවූ බව කියන රුපියල් බිලියන 13.6 ක මුදල් වංචාව සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ බාහිර විගණකවරයෙකු මෙතෙක් වගකිව යුතු පාර්ශ්ව ලෙස නම් කර නොමැති වීමට හේතුව කුමක්දැයි පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රශ්න කිරීමත් සමඟ, එම බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය සහ බාහිර විගණකවරුන් කෙරෙහි එල්ල වී ඇති විවේචන දැඩි වී තිබේ.
අදාළ බාහිර විගණකවරුන් සම්බන්ධයෙන් විගණන නියාමන අධිකාරිය සිදුකරන පරීක්ෂණයේ සොයාගැනීම් ඉදිරි සති දෙක ඇතුළත ලබාදීමට නියමිතය.
Deloitte Touche Tohmatsu India LLP ආයතනය විසින් සිදුකරන ලද වෝහාරික විගණන වාර්තාව මගින් මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ ලැයිස්තුවට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ කිසිදු සාමාජිකයෙකු ඇතුළත් කර නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
බාහිර විගණකවරයා සිය කාර්යභාරය නිසි ලෙස ඉටු කර තිබුණේ නම්, මෙහි සම්පූර්ණ චෝදනාව කනිෂ්ඨ නිලධාරීන් මත පමණක් පැටවිය නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය
“අවසානයේදී මේ සඳහා යමෙකු හෝ වගකීම භාර ගන්නවාද? මේ සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ දඬුවම් හිමිවෙනවාද? මෙහිදී බාහිර විගණකවරුන් සහ විගණන කාරක සභා අතර කිසියම් පරස්පර අභිලාෂයන් ගැටීමක් පවතිනවාද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
මේ අතර මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කමිටුව හමුවේ ප්‍රකාශ කළේ, බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලියේ සෑම මට්ටමකම අසාර්ථකත්වයක් පැවති බවයි. අභ්‍යන්තර විගණකවරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරියා, අධ්යක්ෂ මණ්ඩල විගණන කමිටුව සහ අධ්යක්ෂ මණ්ඩලය යන සියලු පාර්ශ්වයන්, මූල්‍ය වාර්තා දැක ඒවාට අත්සන් තැබීමෙන් පසුව පවා මෙම වංචාව හඳුනා ගැනීමට අපොහොසත් වී තිබූ බව ද ඔහු පැවසුවේය.
ඉන් පැහැදිලි වන්නේ අභ්‍යන්තර පාලන පද්ධතියේ බරපතල වරදක් සිදුව ඇති බව යැයි ද මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ ජී පී සිරිකුමාර සඳහන් කළේ, එන්.ඩී.බී. බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල මට්ටමේ සහ කළමනාකාරීත්ව මට්ටමේ අවදානම් පාලන කාරක සභා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද මෙම වෝහාරික විගණන වාර්තාව මගින් පරීක්ෂා කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart