
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ඇතුළු බන්ධනාගරගත් අනෙකුත් භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් සුරැකීමට බලකරමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් සංවිධානය කරන ‘සිවුරට සාධාරණය – ජාතික කැපවීමේ පූජාව’ සහ ‘නිදහසේ පාගමන’ අද (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසින් ආරම්භ විය.
මෙම විරෝධතා පාගමන ප්‍රධාන නගර කිහිපයක් පසුකරමින් ලබන ඔක්තෝබර් 15 වැනි දින කොළඹට ළඟාවීමට නියමිතව ඇත.
ප්‍රකාශිත කාලසටහනට අනුව, පාගමන අද (10) මහනුවර සිට කඩුගන්නාව දක්වාත්, ඔක්තෝබර් 11 වන දින කඩුගන්නාවේ සිට කෑගල්ල දක්වාත්, ඔක්තෝබර් 12 වන දින කෑගල්ලේ සිට වරකාපොළ දක්වාත්, ඔක්තෝබර් 13 වන දින වරකාපොළ සිට නිට්ටඹුව දක්වාත්, ඔක්තෝබර් 14 වන දින නිට්ටඹුවේ සිට කඩවත දක්වාත්, ඔක්තෝබර් 15 වන දින කඩවත සිට කොළඹ දක්වාත් ගමන් කිරීමට නියමිතය.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය සහ එම භික්ෂූන්ගේ සිවුරු අහිමි කිරීමට (සිවුරු ගැලවීමට) සිදුවන බවට වාර්තා වන සිදුවීම්වලට ප්‍රතිචාර වශයෙන් භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් මෙම ආගමික වතාවත් සහ විරෝධතාව ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart