
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන සාගර හා භූ කම්පන සමීක්ෂණ නෞකාවක් වන ෂි යැන් 6 (Shi Yan 6) ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීමට අවසරය ලැබී ඇති බවට වාර්තා වීමත් සමඟ ඉන්දියන් සාගරය කලාපයේ නැවත කැළඹිලි හටගෙන ඇති බව දැකගත හැකිය.
එම පර්යේෂණ නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළු වී කොළඹ වරායට පැමිණීමට ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, එවැනි අවසරයක් ලබාදී නොමැති බව පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම සංචාරය නොවැම්බර් මාසය දක්වා කල් දමන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටි බව ආරංචි මාර්ග පෙන්වා සඳහන් කරයි.
කෙසේ වෙතත්, චීනය ඔක්තෝම්බර් මාසයේදී පැමිණීම සම්බන්ධයෙන් ස්ථිරව සිටින බව වාර්තා වේ.
ෂි යැන් 6 විසින් ඉදිරිපත් කර ඇති සමීක්ෂණ සැලැස්මට ශ්‍රී ලංකාව එකඟතාව පළකර නොමැති බවද රජයේ වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් දැඩි රෙගුලාසි යටතේ මෙරට දකුණු වෙරළ තීරයේ සීමිත සමීක්ෂණයක් සිදු කිරීමට පමණක් නෞකාවට අවසර දෙනු ඇතැයි පැවසේ.
විදේශීය යුද නෞකා, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා ශ්‍රී ලංකා මුහුදේ සහ ගුවන් සීමාවේ ගමන් කිරීම සහ දේශීය වරායන් වෙත පැමිණීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික අනුමැතිය ලබා දීමට සමාලෝචනය කරන ලද සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP) මෙම මාසයේ ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීනයේ චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාව වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට අන්තර්ජාතික වරායට (2022 අගෝස්තු ) කළ මතභේදාත්මක සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාව සිය රාජ්‍ය තාන්ත්‍රික නිෂ්කාශන ක්‍රියා පටිපාටිය සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.
ෂි යැන් 6 මෙහි පැමිණෙන්නේ යුවාන් වැන්ග් 5 නෞකාවේ සංචාරයෙන් වසරකට පමණ පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart