
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු බව තීරණය කරමින් එරට අධිකරණයක් ඇයට මරණ දඬුවම නියම කර තිබේ.
අධිකරණය පැවසුවේ හසීනා චෝදනා තුනකට වැරදිකරු බවයි.
“මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට හේතු වන සියලුම අංග සපුරා ඇත” යනුවෙන් විනිසුරු ගෝලම් මෝර්ටුසා මොසුම්ඩර් ඩකා අධිකරණය හමුවේ නිවේදනය කරන ලදී.
එය එරට ජාතික රූපවාහිනියේ ද සජීවීව විකාශය විය.
2024 අගෝස්තු මාසයේදී ඇයව බලයෙන් පහ කිරීමට හේතු වූ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් අරගලයකට එරෙහිව මාරාන්තික මර්දනයක් ක්‍රියාත්මක කළ බවට චෝදනා එල්ල කෙරුණු මෙම නඩු විභාගයට සහභාගී වීම සඳහා ඉන්දියාවෙන් ආපසු පැමිණෙන ලෙස 78 හැවිරිදි ෂෙයික් හසීනාට අධිකරණය නියෝග කර තිබුණ ද ඇය එය නොසළකා හැරියාය.
“අගමැතිනි ෂෙයික් හසීනාගේ උසිගැන්වීමේ නියෝගයෙන් මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු වුණු බවත් එය වැළැක්වීමට සහ දඬුවම් පියවර ගැනීමට අපොහොසත් වූ බවත් 1 චෝදනාව යටතේ දක්වා ඇත,” යනුවෙන් බංග්ලාදේශයේ අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව පැවසීය.
“චෝදනා ලැබූ ෂෙයික් හසීනා චෝදනා අංක 2 යටතේ ඩ්‍රෝන යානා, හෙලිකොප්ටර් සහ මාරාන්තික අවි භාවිත කිරීමට දුන් නියෝගයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සිදු කළාය,” යනුවෙන් විනිශ්චය සභාවතවදුරටත් පැවසීය.
බීබීසී ප්රවෘත්ති වාර්තාවකට අනුව, ෂෙයික් හසීනාගේ පවුලට සම්බන්ධ දේපළක් වෙත පෙළපාළි ගිය විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා බංග්ලාදේශ පොලිසිය ග්‍රෙනේඩ් ප්‍රහාර ද එල්ල කර තිබිණි.
පසුගිය වසරේ ශිෂ්‍ය මර්දනය සම්බන්ධයෙන් නෙරපා හරින ලද අවාමි ලීග් නායිකා හසීනාට එරෙහිව මෙම අධිකරණ තීන්දුව ලබා දෙන අවස්ථාවේ ඩකාහි වීදිවල සොල්දාදුවන් යොදවා ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart