
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයකුට පහර දෙන බවට බංග්ලාදේශ තුන් ඉරියව් ක්රීඩක ෂකීබ් අල් හසන් තර්ජනය කර තිබේ.
ෂකීබ් මෑතකදී ඩකා ප්රිමියර් ලීග් 2024 හි ෂෙයික් ජමාල් ධන්මොන්ඩි ක්ලබ් වෙනුවෙන් ක්රීඩා කළේය.
මෙම සිද්ධිය වාර්තා වන්නේ මැයි 6 වැනි සඳුදා එනම් ඊයේ ප්රයිම් බෑන්ක් ක්රිකට් සමාජයට එරෙහිව ෆතුල්ලාහි ඛානේ ෂහෙබ් ඔස්මාන් අලි ක්රීඩාංගණයේ පැවති තරඟයට පෙරය.
කාසියේ වාසියට පෙර, ෂකීබ් ඔවුන්ගේ ප්රධාන පුහුණුකරු ෂෙයික් සලාහුදීන් සමඟ දඟ පන්දු යැවීම ගැන කතාබස් කරමින් සිට තිබේ.
රසිකයෙක් පැමිණ ශකීබ් සමඟ සෙල්ෆියක් ගැනීමට උත්සාහ කර ඇත්තේ එවිටය.
රසිකයාගෙන් දුරකථනය උදුරා ගැනීමට උත්සාහ කළ ෂකීබ් පහර දෙන බවට් ද සංඥා කර තිබේ.
ඉන්පසුව, රසිකයා ආපසු ගිය අතර ෂකීබ් නැවත පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කිරීමට යනු දක්නට ලැබිණි.
Shakib trying to beat a fan who tried to take a selfie. What is this behavior??. @GemsOfCricket pic.twitter.com/tEdmwfEUig
— Schrödinger (@Wave__Equation) May 6, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart