August 23, 2023

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ලබාගෙන  ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

දැනට ඒවා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතී.

මරණය සිදු වූ ස්ථානයේ සහ වාහනය තුළ තිබී සොයාගත් ද්‍රව්‍යත් විමර්ශන සදහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙස තවත් නියෝගයක් නිකුත් කර ඇත.