
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ (2025) ඉන්දියාවේ රැන්චි නුවර පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100, මීටර් 200 සහ මීටර් 4×100 සහය දිවීමේ ඉසව්වලින් රන් පදක්කම් 3ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අතිවිශාල කීර්තියක් අත්කර දුන් ෆාතිමා ශාෆියා යමීක්, මෙවර ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් කපාහැර තිබේ.
තමන්ව මෙම තරගාවලියට තෝරාගන්නා බවට මුලින් පොරොන්දු වී, අවසාන මොහොතේදී මෙසේ සංචිතයෙන් හළාදැමීම සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටින 27 හැවිරිදි මෙම දක්ෂ ක්‍රීඩිකාව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ට අභියෝග කර ඇති බවට වාර්තා වේ.
මහනුවර විහාරමහා දේවී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ශාෆියා, පසුගිය වසරේ රැන්චි හිදී තැබූ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෝප්‍රල් නිලය දක්වා උසස් කරන ලදී.
එවැනි දක්ෂතාවයක් දැක්වූ ක්‍රීඩිකාවක මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනකුගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් නොකිරීම පිළිබඳව බොහෝදෙනාගේ කතාබහට ලක්ව ඇත.
මේ අතර, මෙවර 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ නායකත්වය හෙල්ල විසිකිරීමේ ලොව අංක එකේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ වෙත හිමිව ඇති අතර, සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා කොඩිය රැගෙන යාමේ ගෞරවය ඉසිවරුණ ද සිල්වා සහ නුයාරා ප්‍රනාන්දුට හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart