
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සේවක සේවිකාවන්ට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධීන් හේතුවෙන් ගෘහ පාලන දෙපාර්තමේන්තුව ආහාර සැපයුම් දෙපාර්තමේන්තුවෙන් වෙන්කර එය වෙනම පරිපාලන දෙපාර්තමේන්තුවකට සම්බන්ධ කිරීමට තීරණයක් ගත් බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ලිංගික අතවර චෝදනා එල්ල වූ ඇතැමුන්ට එරෙහිව පසුගිය සතියේ යම් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර පවසන්නේ, මෙම චෝදනා හේතුවෙන් පරිපාලනමය වෙනස්කම් සිදුකිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි. එමෙන්ම එවැනි තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුව නොමැති බවත් ඇය සඳහන් කරයි.
මෙම අංශ දෙක එකට පැවතීම ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට එරෙහි ලිංගික අතවර උත්සන්න වීමට හේතු වී ඇති බව පරීක්ෂණයෙන් පෙනී ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා තිබූ බව පසුගියදා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත්, පසුගිය සතියේ පාර්ලිමේන්තු ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ගෘහ පාලන දෙපාර්තමේන්තුව වෙනත් දෙපාර්තමේන්තුවකට සම්බන්ධ කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවට වාර්තා පළවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart