
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වතු සමාගම් කිහිපයක් විසින් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් පැහැර හැර ඇති බවත්, ඒ හේතුවෙන් ගෙවීමට විශාල හිඟ මුදලක් ඇති බවත්, විදේශ රැකියා සහ කම්කරුවන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනාවරණය කර ඇත.
වතුකරයේ සමාගම් විසින් ගෙවා ඇති රුපියල් මිලියන 700ක පමණ මුදල ලබාදී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් ගිණුම්ගත කිරීමට නොහැකි වී ඇති බව එම කාරක සභාව හමුවේ හෙළිදරව් වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන් ජුනි මාසයේදී විදේශ රැකියා හා ශ්‍රමිකයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කර ඇත.
සේවක අර්ථසාධක අරමුදලට ගෙවියයුතු හිඟ මුදල් සහ දැනට ගෙවන මාසික ගෙවීම් විධිමත්ව සිදු කරන ලෙසත්, සේවකයන් ආරක්ෂා කරන ලෙසත්, මන්ත්‍රීවරයා විසින් වතු සමාගම් නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.
ජාතික හැඳුනුම්පත් අංකයට අනුව ගිණුම් ආරම්භ කිරීමෙන් එකම පුද්ගලයාට ගිණුම් කිහිපයක් තිබීමේ ගැටලු මඟහරවා ගත හැකිවීම පිළිබඳව මෙම කමිටුව විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.
රාජ්‍ය ඇමැති ආචාර්ය සීතා අරබේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, චන්දිම වීරක්කොඩි, එස්.එම් මරික්කාර්, කේ.සුජිත් සංජය, ඉෂාක් රහමන්, වඩිවේල් සුරේෂ්, වේලු කුමාර්, එම්.උදයකුමාර්, තුෂාර ඉඳුනිල් යන මහත්වරු කමිටු රැස්වීමට එක්ව සිටියහ.
මෙම රැස්වීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්, කම්කරු කොමසාරිස්, සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරීන් සහ වතු සමාගම් නියෝජිතයන් ද සහභාගී වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart