
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ බුලර්ස් හන්දිය අසලදී අද (14) අලුයම පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් මගීන් 07 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිසිය පැවසුවේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙසින් පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයට පෙරළී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනකු පමණ සිට ඇති අතර තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයින් 05 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථය මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart