
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය මිනිබිරියට අතවර කළ 70 හැවිරිදි පුද්ගලයකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සීයාගෙන් සිදුවන ලිංගික හිරිහැර ඉවසා දරාගැනීමට නොහැකි වූ 15 හැවිරිදි දැරිය කලවාන පිටිගල කන්ද ප්‍රදේශයේ පදිංචි නිවසින් පළායෑමේදී ඇලපාත ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් කරුණු විමසීමේ දී දැරිය සීයාගෙන් සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් දැනුම්දී ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ අවදියේ සිට නිවසේ සිටි දැරියගේ දෑත් දෙපා ගැටගසා, වධහිංසා පමුණුවා ,ලිංගික හිංසන සිදු කර ඇති බව පොලිසිය හමුවේ දැරිය වැඩිදුරටත් පවසා ඇත.
සිය මවගේ පියාගෙන් සිදුවන මෙම හිංසන හේතුවෙන් ඇය නිවසට නැවතත් යෑමට නොහැකි බවද පොලිසිය හමුවේ පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart