
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්ස්ප්‍රෙස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනි ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරියකු කොළඹ වරායට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කර ඇත.
ඒ, එම සිද්ධියට අදාළ විමර්ශන සඳහා සහාය දීම සීමිත බව පවසමින්.
ගිනි නිවන භටයන් කණ්ඩායමක් නෞකාවේ තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු කිසිදු පසු විපරමක් සිදුනොකළ බව ද ඔහු චෝදනා කර තිබේ.
මීට අදාළව නිකුත් කර ඇති වාර්තාව සම්පාදනය කර ඇත්තේ සිංගප්පූරුවේ ගුවන්, සමුද්‍ර හා දුම්රිය අනතුරු සහ සිද්ධීන් විමර්ශන අධිකාරිය වන ප්‍රවාහන ආරක්ෂණ විමර්ශන කාර්යාංශය විසිනි.
ගින්න පාලනය කිරීමට පෙර හදිසි නැංගුරම් ලෑම සඳහා කළ ඉල්ලීම් කිහිපයකට කොළඹ වරාය පාලනයෙන් නෞකාවේ කපිතාන්වරයාට පිළිතුරක් නොලැබුණු බව එහි සඳහන් වේ.
පරිසර දූෂණ අවදානම පවසමින් පැවැති කාලගුණයක ද නොතකා නෞකාව වරායෙන් ඉවතට ඇදගෙන යන ලෙසට උපදෙස් ලබා දී ඇත්තේ, ගින්නට එරෙහිව සටන් කිරීමට වඩා වරායට සමීපව සිද්ධිය කළමනාකරණය කර ගැනීමට තිබූ උවමනාව මත බවට ඉන් චෝදනා කර තිබේ.
නෞකාවේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සහ යාත්‍රාවේ තත්ත්වය නරක අතට හැරීම වැළැක්වීම සඳහා මෙම හදිසි අවස්ථාව හැසිරවීමේදී පොදු විසඳුමක් සෙවීමට ගොඩබිමේ සිටි පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණයේ අඩුවක් දක්නට ලැබෙන බව ද එහි සඳහන්.
පැවැති සුළඟින් ගින්න පැතිරීම අවම වන පරිදි නෞකාව නිවැරදි දිශානතියකට යොමු කිරීමට වගකිව යුතු පාර්ශවයන්ට නොහැකි වූ අතර, ගින්න නෞකාව් පුරා පැතිර ගිය බව ද වාර්තාවේ දක්වා ඇත.
සිංගප්පූරුවේ ලියාපදිංචි කරන ලද X-Press Pearl නෞකාව, 2021 මැයි 20 වැනි දින ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සිට නාවික සැතපුම් නවයක් පමණ දුරින් නැංගුරම් ලා තිබියදී, ගිනි ගැනීමට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart