
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකුට නීති ක්‍රියාත්මක නොකර සිටීම සදහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
එම සිද්ධිය වාර්තාවීමට දින 2කට පෙර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රාජකාරී සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබදව විශේෂ දේශනයක්ද සිදුකර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මිරිහාන, කොළඹගේ මාවත ප්‍රදේශයේදී අපරාධ වැළැක්වීමේ යතුරුපැදි සංචාරක රාජකාරියේ යෙදී සිටියදී වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පොලිස් නිලධාරීන් දැක පළායෑමේදී සැකකාර සැරයන්වරයා සහ කොස්තාපල්වරයා පොලිස් යතුරුපැදියෙන් එම වැලි ලොරිය හඹාගොස් අතුරුමාර්ගයක නවතාගෙන ඇත.
එහිදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී එම ලොරි රථයේ රියැදුරු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කර තිබූ අතර ඒ සදහා නීතිය ක්‍රියාත්මක නොකිරීමට සැකකරුවන් විසින් ලොරි රථ රියැදුරුගෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද පැමිණිල්ලක් මත සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයාද මිරිහාන පොලිසියට ඉදිරිපත්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එම විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් එම පොලිස් සැරයන්වරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවත් ඔවුන්ට දැඩි නීතිමය, විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර පැවැසීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart