
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස පත්කිරීමට අපේක්ෂා කරන බව පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
සිකුරාදා (12) පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ, පක්ෂයේ ඉදිරි විධායක කමිටු රැස්වීමේදී මෙම පත්වීම අනුමත කිරීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ දිගුකාලීන නීතිමය ආරවුල් දැන් විසඳා ඇති බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳීම සඳහා විජේදාස රාජපක්ෂ සමඟ එකඟතාවයකට පැමිණි බවත් ඔහු පැවසීය.
විජේදාස රාජපක්ෂ පක්ෂයට සම්බන්ධ අධිකරණ නඩු හයක් ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත දේශපාලන වැඩසටහනට සහාය දැක්වීමට ආරාධනා කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා සහ මහරගම ආසන සංවිධායක ලෙස විජේදාස රාජපක්ෂ දැනටමත් පත් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart