
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් “මාස නොව සති” කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කරන බැවින්, ගොඩබිමින් හමුදා යෙදවීමකින් තොරව තම අරමුණු සාක්ෂාත් කරගත හැකි බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවැසීය.
ප්‍රංශයේ G7 රටවල් සමඟ පැවති රැස්වීම්වලින් පසුව අදහස් දක්වමින් රුබියෝ පැවසුවේ වොෂින්ටනය “එම මෙහෙයුමේ කාලසටහනට අනුව හෝ ඊට පෙර” කටයුතු කරමින් සිටින බවත්, යුද්ධය සුදුසු වේලාවට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්ය.
මැදපෙරදිග කලාපයට සමහර අවස්ථාවලදී හමුදා යවනු ලැබුවද, එය “ජනාධිපතිවරයාට උපරිම විකල්පය සහ හදිසි අවස්ථා ඇති වුවහොත් ඒවා සකස් කිරීමට උපරිම අවස්ථාව ලබාදීම” සඳහා බවත් ඔහු තවදුරටත් පැවසීය.
මැදපෙරදිග පුරා ගැටුම තවදුරටත් පුළුල් වෙමින් පවතින අතරතුර ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත.
සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ. එහිදී හමුදා උපකරණවලටද හානි සිදුවී ඇති බව එක්සත් ජනපද නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
පෙබරවාරි 28 වැනි දින එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සමඟ ආරම්භ වූ ගැටුම, ගෝලීය බලශක්ති සැපයුම් කඩාකප්පල් කර ඇත.
විශේෂයෙන් දිනකට තෙල් බැරල් මිලියන 20 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ප්‍රධාන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයමේ වන විට අවහිර වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart