
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සේනක පල්ලේතැන්න පත්කර තිබේ.
සේනක පල්ලේතැන්න මීට පෙර මහර බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙසත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන සේනක පල්ලේතැන්න, කොළඹ විශ්වවිද්‍යාලයෙන් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ අධ්‍යයනය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් ලබාගෙන තිබේ.
එසේම ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී අපරාධ නිවැරදි කිරීම් සහ පුනරුත්ථාපන කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇති අතර, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින සහ තුර්කිය ඇතුළු රටවල් කිහිපයකදී මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා කිහිපයක්ම සම්පූර්ණ කර ඇත.
ඔහුගේ අධ්‍යයන හා වෘත්තීය අත්දැකීම්වලට මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම, පුනරුත්ථාපනය සහ අපරාධ නිවැරදි කිරීම් කළමනාකරණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලැබූ පුළුල් පුහුණුව ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart