
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්වවිද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ.
පැෆ්රල් සංවිධානය මගින් අදාළ පැමිණිල්ල තම කොමිසමට යොමු කර ඇති බව එහි කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා සඳහන් කරයි.
එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බවට නිරීක්ෂණය වී ඇත්තේ යාපනය, රුහුණ සහ කැලණිය විශ්වවිද්‍යාලවල සිසුන් පිරිසකටය.
ලබන සිකුරාදා දිනයේත් දවස පුරා අධ්‍යන කටයුතු පැවැත්වීම හේතුවෙන් දුරස්ථව පදිංචි වී සිටින සිසුන් අදාළ ගැටලුවට මුහුණ පෑමේ අවදානමක් පවතින බව මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත.
ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ලබා දීමට විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමග සාකච්ඡා පවත්වන බව නිමල් පුංචිහේවා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart