
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවකදී පෙනහල්ලේ හමුවූ කුඩා ගැටිත්තක් ඉවත්කිරීම සඳහා වත්මන් පාප් වහන්සේ වන XIV වන ලියෝ පාප්තුමා ඉදිරි දිනවලදී ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත බව වතිකානුව විසින් නිවේදනය කර තිබේ.
රෝමයේ ශාන්ත පීටර් චතුරස්‍රයේ පැවැති සාමාන්‍ය ඉරිදා යාඥාවට එක්වෙමින් උන්වහන්සේද මේ බව ජනතාවට හෙළිකර ඇත.
“වෛද්‍යවරුන් විසින් මගේ පෙනහල්ලේ මුල් අවධියේ පවතින, හොඳින් පිහිටීම හඳුනාගත් ගැටිත්තක් සොයාගෙන තිබෙනවා” යැයි 71 හැවිරිදි පාප්වහන්සේ බැතිමතුන් අමතමින් ප්‍රකාශ කර තිබේ.
මෙය මුල් අවධියේදී හඳුනාගැනීමට හැකි වී ඇති බවත්, එය හොඳින් පාලනය කළ හැකි මට්ටමක පවතින බවත් උන්වහන්සේ සඳහන් කර ඇත.
වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් මත මෙම මැදිහත්වීම සිදුකිරීමට එකඟ වූ බවද උන්වහන්සේ තහවුරු කර තිබේ.
පාප්වහන්සේට මෙම ශල්‍යකර්මය අවශ්‍ය වී ඇත්තේ හිටපු පාප්තුමා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවය.
මීට පෙර ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ද පෙනහලු ආශ්‍රිත රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇත.
ශුද්ධාසනයේ මාධ්‍ය ප්‍රකාශක Matteo Bruni ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, ශල්‍යකර්මය මේ සතියේ මුල් දිනවලදී රෝමයේ Gemelli රෝහලේදී සිදුකිරීමට නියමිත බවයි.
ශල්‍යකර්මයෙන් පසු පාප්වහන්සේට සුවය ලැබීමට ආසන්න වශයෙන් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පුවතත් සමඟ ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි සහ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මෙන්ම ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ඇතුළු ලෝක නායකයෝ රැසක් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart