
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට ප්‍රචාරය වන ප්‍රවෘත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ පාර්ශ්වය සහ මහින්ද රාජපක්ෂ පාර්ශවය අතර ගැටුමක් නිර්මාණය වී ඇත.
මෙම පාර්ශව දෙකින් එකක් විසින් මහින්ද රාජපක්ෂ හදිසි හදවත් රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට වූ ප්‍රවෘත්තියක් අද පෙරවරුවේ ප්‍රචාරය කළේය.
එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්තිය පළකළ පාර්ශව වෙතින් සිදුකළ නැවත විමසීමකින් අනතුරුව Ceylonwire.lk අදාළ ප්‍රවෘත්තිය පළකළේය.
මේ අතර එම ප්‍රවෘත්තියෙන් කලබලයට පත්ව ඇති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ ජනමධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
ඔහු මෙසේද සඳහන් කර ඇත.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා. මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය, අදූෂමාන, ද්වේශසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින් උත්සාහ කරනවා, මේ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලයි කියලා පෙන්නන්න. නමුත් අපි විරුද්ධවාදීන්ට කියන්න කැමතියි, එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම ශාරීරිකව සහ මානසිකව ඉතාම ශක්තිමත් නායකයෙක්. මම හිතන්නේ මේ පුහු දේවල් වලින්, මේ බොරු දේවල් වලින් එතුමාගේ වැනි දැවැන්ත පෞරුෂයක් වට්ටන්න හිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහට තමයි මම දකින්නේ.”
ඒ අනුව මතුවන ප්‍රශනය වන්නේ, ‘මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ කවුරුන් විසින්ද?’ යන්නයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart