
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරන බවට සමාජ ක්‍රියාකාරිකයෙක් පසුගියදා ජනමාධ්‍ය හමුවකදී පැවසීමත් සමඟ, ඊයේ (23) පාර්ලිමේන්තුව අවට මාර්ගවලට අමතර පොලිස් නිලධාරීන් කැඳවා ආරක්ෂාව තර කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් පැවසීය.
වෙනදා පාර්ලිමේන්තුව අවට රැඳී සිටි පොලිස් නිළධාරීන්ට අමතරව තවත් පොලිස් නිළධාරීන් ඊයේ යොදවා තිබේ.
”පාරිභෝගිකයන්ගේ ප්‍රශ්න 23 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ දී කතා නොකළහොත් හිරගෙවල් හතක ගියත් පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණෙන හැමඑකාටම කුණු බිත්තර ගහන එක ගහනවාමයි” යනුවෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පසුගියදා පවසා ඇත.
එම ප්‍රකාශයත් සමඟ බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරු අනුව, පාර්ලිමේන්තු අවට ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart