
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්මලාන අන්තර්ජාතික ගුවන්තොටුපොළ අසල අධිආරක්ෂිත කලාපය තුළ රහසිගතව ක්‍රියාත්මක වූ බව කියන නීතිවිරෝධී රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටළා තිබේ.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විදුලි සංදේශ බලධාරීන්ගේ සහාය ඇතිව සිදු කළ වැටළීමකදී මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක සමාගමක මුවාවෙන් අත්තිඩිය ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වන බව පොලිසිය පැවසීය.
චන්ද්‍රිකා ග්‍රාහක, චන්ද්‍රිකා ඩිෂ්, පරිගණක, ස්ටාර්ලින්ක් ඒකකයක් සහ අනෙකුත් සම්ප්‍රේෂණ උපකරණ ඇතුළු රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.
මූලික විමර්ශනවලින් පෙනීයන්නේ මෙම මෙහෙයුම පෞද්ගලික විදුලි සංදේශ සැපයුම්කරුවකුගෙන් ලබාගත් දත්ත භාවිත කර චන්ද්‍රිකා හරහා රූපවාහිනී නාලිකා බාගත කර ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ගනුදෙනුකරුවන්ට රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා නීතිවිරෝධී ලෙස නැවත බෙදා හැර ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart