
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 118 කින් සම්මත විය.
2026 අයවැයට පක්ෂව මන්ත්‍රීවරු 160 දෙනකු ඡන්දය දුන් අතර මන්ත්‍රීවරු 42 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය දුන්හ.
මන්ත්‍රීවරුන් අටදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේසන්, වී. රාධක්‍රිෂ්ණන්, පී. දිගම්බරම් සහ ජීවන් තොණ්ඩමන්ද 2026 අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
පසුගිය දින හය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනා විවාද කිරීමෙන් පසු 2026 අයවැය දෙවැනි වර කියවීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සවස 6:10 ට පමණ ආරම්භ විය.
2026 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන කියවීම (අයවැය කතාව) නොවැම්බර් 07 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඉන්පසුව, අයවැය දෙවනිවර කියවීම පිළිබඳ විවාදය අද දින ඇතුළුව දින හයක් පුරා පැවැත්විණි.
මේ අතර, තුන්වන කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පිළිබඳ විවාදය හෙට (15) ආරම්භ වේ.
කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට දෙසැම්බර් 5 වන දින දක්වා දින 17 ක් පැවැත්වේ.
තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වන දින සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, 2026 අයවැය පිළිබඳ විවාදය රජයේ නිවාඩු දින සහ ඉරිදා දිනවල හැර, අයවැය කාලය තුළ දිනපතා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart