March 26, 2026

මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැව කුරුලු අභයභූමියට අයත් අක්කර 222 ක ඉඩමක් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන සිටින පුද්ගලයන් 34 දෙනකු ඉවත් කිරීම සඳහා වනජීවී නිලධාරීන් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

මෙම රක්ෂිත ප්‍රදේශය නීතිවිරෝධී ලෙස අල්ලාගෙන සිටින පුද්ගලයන් ඉවත්කිරීමේ නොතීසි නිකුත්කර මාසයකට පසු, පසුගිය 16 වැනිදා ඔවුන්ට එරෙහිව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

එතැන් සිට අධිකරණය පුද්ගලයන් 34 දෙනාටම නොතීසි නිකුත් කර ඇති අතර, වැඩිදුර නීතිමය කටයුතු දැනට සිදුවෙමින් පවතී.

ජ්‍යෙෂ්ඨ වනජීවී අඩවි නිලධාරී පී.බී.බී. මඩුගල්ලේගේ මඟ පෙන්වීම යටතේ වනජීවී අඩවි නිලධාරී එන්.ජී. නදුන් නිලංක, වනජීවී අඩවි සහකාර ඩී.එම්.එල්.එස්. තිලකරත්න සහ මඩු වනජීවී කාර්යාලයේ වනජීවී ආරක්ෂක ආර්. ජෝතිකරන් යන අයගේ සහභාගීත්වයෙන් ඉවත්කිරීමේ කටයුතු සිදුකෙරේ.