
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇහැළියගොඩ ප්‍රදේශයේ පාසලක ආපනශාලාවට බාධාවකින් තොරව ආහාර සැපයීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 30,000ක අල්ලසක් ලබාගැනීමට තැත් කළ විදුහල්පතිවරයකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ කාර්යාල කාමරය තුළදීය.
අදාළ කාන්තාවට මාර්තු සහ අප්‍රේල් මාසවල ආහාර සැපයීම සඳහා ගෙවීම් නිදහස් කිරීමට නිර්දේශ කිරීම සඳහා සැකකරු රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.
මුලදී ඔහු මෙම අල්ලස් මුදලින් රුපියල් 20,000 ක් ලබාගෙන ඇතැයි පැවසේ.
ඉතිරි රුපියල් 30,000ක මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටි විට ඇය පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart