
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඩොලරය අවප්‍රමාණ වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
ඇමැතිවරයා සමග පසුගිය අප්‍රේල් මස (25) දා පැවැති සාකච්ඡාවේ දී ඇති කරගත් එකගතාවන්ට අනුව නිෂ්පාදකයන් මෙම පියවර ගෙන තිබේ.
මිල අඩු කිරීම පිළිබඳ දැනුම්දීම සඳහා ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී ජූලි මස 15 වැනිදා සිට මෙම මිල අඩු කිරීම සිදු කිරීමට ඔවුන් එකගතාව පළ කළ බව ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ඒ අනුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් රුපියල් 350/= සිට 450/= අතර මුදලකින් පහත යනු ඇත. තවත් මසකින් මිල ගණන් සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර, ඒ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඩොලරයේ මිල අනුව තව දුරටත් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බව ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart