
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණයේ 225 වැනි සංවත්සරය සලකුණු කරමින් පැවැති විශේෂ ආචාර සමාචාර නඩු වාරයේදී අදහස් දක්වමින් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ප්‍රකාශ කළේ, අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අවම කිරීම සඳහා නඩු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීම සහ ස්ථාපිත කිරීම අතිශය වැදගත් වන බවයි.
2025 ජූලි 28 වැනි දින තමන් 49 වැනි අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස ධුරයේ වැඩ භාරගන්නා විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩු සංඛ්‍යාව 5,326ක් වූ බවත්, විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ කැපවීම මත එම සංඛ්‍යාව මේ වන විට 3,763 දක්වා සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට හැකි වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. හුදෙක් විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම පමණක් ගොඩගැසුණු නඩු විසඳීමට ඇති හොඳම විසඳුම නොවන බව මෙයින් පැහැදිලි වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව, පසුගිය පෙබරවාරි මාසයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාත්මක කෙරුණු ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ විද්‍යුත් ක්‍රමයට නඩු ගොනුකිරීමේ e-filing පද්ධතිය පිළිබඳවද අග්‍රවිනිශ්චයකාරවරයා කරුණු පැහැදිලි කළේය. මෙය මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දුන් දීර්ඝකාලීන ගැටලුවලට සොයාගත් දේශීය විසඳුමක් බවත්, දැනට භෞතිකව පවතින නඩු ගොනුද පද්ධතියට උඩුගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.
නඩු ප්‍රමාදය වළක්වා ගනිමින් කාර්යක්ෂම ලෙස යුක්තිය පසඳාලීම සඳහා නීතිඥ ප්‍රජාවගෙන් ලැබුණු උපරිම සහයෝගය මෙහිදී අග්‍රවිනිශ්චයකාරවරයාගේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, නව තාක්ෂණික පද්ධති භාවිතය සම්බන්ධයෙන් නීතිඥවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියටත් පවත්වන බවද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart