
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමනක් නිමාකරමින් පැමිණි ‘ශ්‍රී ලංකා නාවික නෞකා (SLNS) ‘සමුද්‍රවිජය’ නෞකාව නිල වශයෙන් අධිකාරියට පත්කිරීමේ උත්සවය ඊයේ(04) කොළඹ වරායේදී පැවැත්විණි.
මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ කාර්ය මණ්ඩලයක් විසින් සිදුකළ දීර්ඝතම මුහුදු ගමන වන අතර, පැනමා ඇළ හරහා ගමන් කළ පළමු අවස්ථාව ද වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ. පී. අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, මීට පෙර ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත් Decisive නමින් හැඳින්වුණු මෙම නෞකාව, එරට ආරක්ෂක අතිරික්ත ද්‍රව්‍ය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමූ සිව්වැනි නෞකාව බවයි.
ඒ අනුව, ඇමෙරිකාවෙන් මෙලෙස පරිත්‍යාග කළ නෞකා හතරක් ක්‍රියාත්මක කරන ලොව විශාලතම නෞකා සංචිතය හිමි රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි.
‘සමුදුර’, ‘ගජබාහු’ සහ ‘විජයබාහු’ දැනටමත් සේවයේ යොදවා ඇති සෙසු නෞකා තුනයි.
පසුගිය පෙබරවාරි 20 වැනිදා මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නුවරින් ගමන් ආරම්භ කළ මෙම නෞකාව සාගර තුනක් පසුකරමින් මැයි 8 වැනිදා ත්‍රිකුණාමලයට ළඟාවිය.
මෙම නව නෞකාව මඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව තරකිරීම, නීතිවිරෝධී ධීවර කටයුතු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම මෙන්ම සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.
මෙමඟින් දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart