
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෘත්තිය පුහුණු අධිකාරියේ නිලධාරියෙක් වූ සමන්ත ප්‍රීති කුමාරගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හත්දෙනා ලබන මස 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද(23) නියම කර ඇත.
වෘත්තිය පුහුණු අධිකාරියේ කළමණාකාර සහකාර නිලධාරියකු ලෙස කටයුතු කළ සමන්ත ප්‍රීති කුමාර, මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්වූ අතර, එය පොලිසිය සිදුකළ පහරදීම්වලින් මියගිය බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබේ.
මෙම මරණය පහරදීමකින් සිදුවූවක් බවට අධිකරණය හමුවේ අනාවරණය වී ඇත.
අධිකරණය ඒ පිළිබඳ විභාග කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු හත්දෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගැනිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart