
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ධුර දැරීමේ නිරත වන ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයසට බලපාන පරිදි සිදුකරන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමතවිචාරණයක අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේ, 2022 වසරේ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැහැදිලිවම දක්වා ඇති බවයි.
ධුරයේ නිරත විනිසුරුවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපාන පරිදි විශ්‍රාම වයස සංශෝධනය කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් වන අතර එය 3 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බැවින් ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබූ බව හෙතෙම උපුටා දක්වන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගන්නා උත්සාහය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු දේශීය හා අන්තර්ජාතික නීතිමය සංවිධාන රැසකගේ විරෝධයට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව සකස් කරන ලද 2023 වාර්තාව පදනම් කරගනිමින් පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා රජය ප්‍රමුඛතාවය නොදෙන්නේ මන්දැයි සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
දැනට ගොඩගැසී ඇති ලක්ෂ 11කට ආසන්න (මිලියන 1.1) නඩු ප්‍රමාණය විසඳීමට විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පමණක් දීර්ඝ කිරීමෙන් ලැබෙන විසඳුම කුමක්දැයි පැහැදිලි කරන ලෙසත්, ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට පෙර අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයද විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස සංශෝධනය සම්බන්ධයෙන් මෙම මතයම ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart