
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත් එහි දී ගාමිණී දිසානාක අපේක්ෂා කළ රට කෙත්වතු සරුසාර කළ ආහාර සුරක්ෂිත භාවය ඇති කළ යුතුය ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුර නිර්මාණය කළ යුතු බවත් එවැනි එකතුවකට සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්ව මුල පුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ පසුගිය 20 වැනිදා කොළඹ දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම හා එක්වෙමිනි.
සමාජය දැන් ඔළුගෙඩි දේශපාලනය ඩොලර් කුට්ටි දේශපාලනය පිළිගන්නේ නැති බවත් එවැනි හවුලකට එකමුතුභාවයකට සූදානම් නැති බවත් ජනතාවගේ වරමින් කරපිට හිසමත නැග ලබා ගන්නා ජයග්‍රහණය තුළින් අවසානයේ ජයගත යුත්තේ පොදුජනතාව බවත් මහජන විශ්වාසය පොදුජනතාවගේ අයිතිය රුපියල් ශතවලට ලබා දුුන් කාලය අවසන් බවත් මැද මාවත පොදුජන මාවත තුන්වැනි මාවත වෙනුවෙන් ලුම්පන් ධනවාදය අන්තවාදී ලිබරල් න්‍යායන් බැහැර කර අන්ත කොමියුනිස්ට් වාදය සමාජ වාදය බැහැර කර මානුෂීය ධනවාදය කරා යොමුව සමාජ සාධාරණත්වය කරා යොමුව ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව සුරකින සම්බුද්ධ ශාසනයට මුල්තැන දෙන සුරක්ෂිත කරන ප්‍රවර්ධන කරන සෙසු ආගම් ජාති ශක්තිමත් කරන එක්සිත්ව එක්සත්ව සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ක්‍රියාත්මක වන රටක් ගොඩනැගීමට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තමාගේ දේශපාලනයේ ආරම්භය ලබා දුන් අය සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ අර්ථකථන සිදු කළත් පවුල් දේශපාලනය බැහැර කළ අයකු ලෙස රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි බවත් තමාගේ දේශපාලන හා සමාජ සේවා ගමනේ ආරම්භය ලබා දුන්නේ දිවංගත ගාමිණී දිසානායක බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායක කමක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මහපොළොවේ යථර්ථය වන්නේ වම සහ දකුණ අසාර්ථක බවත් මේ වාමවාදී සහ දක්ෂිණාංශික න්‍යායන් විදේශයෙන් අප රටට පැමිණි පරගැති න්‍යායන් බවත් අද අප රටට අවශ්‍යව ඇත්තේ ජනතාවාදී න්‍යායක් බවත් පොදුජනතාව සුරක්ෂිත කරන පොදුජනතාව රැකගන්න සමස්ත පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වන න්‍යායක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
වමේ කඳවුර දකුණේ කඳවුර යනු යල්පැනගිය ලෝකය ප්‍රතික්ෂේප කළ න්‍යායන් බවත් ලෝකය පිළිගන්නේ ජනතා කේන්ද්‍රීය ජනතාවාදී න්‍යායන් බවත් ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු අය කිසිදු න්‍යාය කඳවුරකට දැමුවේ නැති බවත් කුමන කතා කිව්වත් මේ නායකයක් අනුගමනය කළේ ජනතාවාදී න්‍යායන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart