
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසාධාරණ ලෙස පනවා ඇති බදු වහාම ඉවත්කර ගන්නා ලෙසත්, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් බරින් ජනතාව මුදාගන්නා ලෙසත් බල කරමින් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (03) පස්වරුවේ කොළඹදී සංවිධානය කර තිබේ.
බොරැල්ල කැම්බල් පිටිය අසලින් පස්වරු 1:30 ට පමණ ආරම්භ වූ මෙම විරෝධතා පාගමන බොරැල්ල නගරය ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කළේය.
විරෝධතාව අතරතුර අදහස් දක්වමින් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභා සාමාජික වසන්ත මුදලිගේ පැවසුවේ, රජයේ වත්මන් බදු ප්‍රතිපත්ති හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව සිටින බවයි.
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම, ළමා මන්දපෝෂණය උග්රවීම මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා පනවා ඇති අධික බදු බර පිළිබඳව ද ඔහු මෙහිදී දැඩි ලෙස කරුණු දැක්වීය.
බලයට පත්වූ අනුප්‍රාප්තික ආණ්ඩු අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ වසන්ත මුදලිගේ, වත්මන් ජනපීඩක බදු ප්‍රතිපත්තිවලට එරෙහිව සිය සංවිධානය දිගටම වීදි බසින බවද අවධාරණය කළේය.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් මහජනතාව මත තවදුරටත් අධික බදු බරක් පැටවීමේ අවදානමක් පවතින බවත්, ඊට එරෙහිව පෙළගැසෙන ලෙසත් ඔහු සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart