October 3, 2026

අධිකරණ වරෙන්තු ලබා සිටි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව තීනියාවල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම භික්ෂුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳිමින් සිටි ඥානසාර භික්ෂුවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.