October 3, 2026

අම්පාර අඩ්ඩාලච්චේන ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයකු, කාන්තා ගුරු අභ්‍යාසලාභීන් හට අසැබි වීඩියෝ දර්ශන පෙන්වමින් ලිංගික හිංසනය සිදුකළ බවට ඇති වූ සැකය මත අම්පාර දිසා කාන්තා හා ළමා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දිගු කලක සිට මෙම අශෝභන ක්‍රියාවෙහි නිරත වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම කථිකාචාර්යවරයා විසින් උගන්වනු ලබන හෝ අධීක්ෂණය කරනු ලබන විෂයන් සඳහා ලබාදෙන ලකුණු අඩුකර පළිගැනීමට ලක්වනු ඇතැයි බියෙන්, මෙම ගුරු අභ්‍යාසලාභීන් සැකකරුට එරෙහිව පැමිණිලි කිරීමෙන් වැළකී සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත්, අම්පාර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ ගුරුවරියන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(Daily Mirror)