
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියාසිටියේ මෙවැනි විවෘත වාද විවාද මගින් ප්රජාතන්ත්රවාදී සමාජයක ගුණාත්මක බව ඉහළ නංවන බවත් ආර්ථික, සමාජීය, දේශපාලනික, අන්තර්ජාතික ආදී ඕනෑම මාතෘකාවක් පිළිබඳ විවාදයකට තමන් සූදානම් බවත් ය.
විවාදයකට පමණක් නොව, හැකිනම් තමන් මෙන් ජනතාවට සේවය කර පෙන්වන ලෙසද හෙතෙම වෙනත් දේශපාලන පක්ෂ නායකයන්ට අභියෝග කළේය.
සමගි ජනබලවේගයේ සාමාජිකයින් විසින් යෝජනා කරන විවාදයක් සඳහා වන ඉල්ලීම් පිළිගන්නා බව ප්‍රකාශ කරමින් ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පෙරේදා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කිරීමෙන් පසුව ඔහු මෙම අදහස් පළකළේය.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සූදානම් බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් කියාසිටියේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අය තම ප්‍රතිපත්ති ජනතාව වෙත ඉදිරිපත් කිරීම වඩාත් අර්ථාන්විත වනු ඇති බවයි.
නලීන් බණ්ඩාර, හර්ෂ ද සිල්වා වැනි සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම ජාජබ ආර්ථික සභාවේ සාමාජිකයන් සමඟ විවෘත විවාදයක් ඉල්ලා ඇති බව පැවසූ ඔහු, ඔවුන්ගෙන් සමහරක් මීට පෙර එක්සත් ජාතික පක්ෂය යටතේ ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස කටයුතු කර දැන් සිටින බැවින් ඔවුන් සමග විවාද කිරීම තේරුමක් නැති බවත් සුනිල් හඳුන්නෙත්ති පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart