
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිත මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්‍ෂ නායකවරයා පාර්ලිමේන්තුවට පැවසුවේ අද(08) පෙරවරුවේ ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමතූ විට ඊට එකඟ වූ බවයි.
“මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ පනත් කෙටුම්පත කල් දමා ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවකට ඉඩ දෙන ලෙසයි” ඔහු පැවසීය.
මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත කල්දැමීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන ව්‍යාපාරික කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බව අගමැති දිනේෂ් ගුණවර්ධන එහිදී පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart