
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිසිය විසින් පසුගිය 13 වැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී සහ
මොරටුවැල්ල, මොරටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකදී ‘සජී අක්කා’ හා ‘අඹ මූණා’ යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ග්‍රෑම් 252ක් හා ජාවාරමින් උපයාගත් මුදල් යැයි සැක රුපියල් 461,300ක මුදලක් සමඟ විදෙස්ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමිකරුවන් වන කොලොන්නාවේ ධනුෂ්ක හා චන්දන යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන දෙදිවලගේ සජිවනි රූපිකා ප්‍රනාන්දු නොහොත් ‘සජී අක්කා’ (41) නැමැති කාන්තාව බුත්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය වෙත භාර දී තිබේ.
මේ අතර, අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලීදු නමැත්තාගේ හා දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන එගොඩ උයනේ තරංග යන අයගේ ගෝලයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අඹ මූණා’ (32) මොරටුවැල්ල ප්‍රදේශයේදී සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart